Tuesday, January 28, 2014

ඇවිද්ද පය දහස් වටී....


මේ අසිරිමත් දිවයිනේ කොතරම් නම් දේවල් බලන්නට, අත්විඳින්නට තියනවද? ඒ සියළු තැන්වල ඇවිදින එක ලේසි පහසු වැඩක් නෙමෙයි. අනික ඒ දෙවල් දකින්නට, විඳින්නට ත් වාසනාවක් තියෙන්න ඕන. කොපමන මිළ මුදල් යාන වාහන තිබුනත් ලංකාවෙ සුන්දර තැන් වල ඇවිදලා ඒ අසිරිය අත්විඳින්න උනන්දුව මෙන්ම ලැබීමත් තියෙන්න ඕන. 

මා ගැන කියනවනම් පෙර පැවසූ පරිදි එසේ සංචාරය කරන්නට වාසනාව කෙසේ වෙතත් සංචාර සඳහා දැඩි උනන්දුවක් තිබෙන කෙනෙක් ලෙස හඳුන්වා දෙන්න කැමතියි. ඒ නිසා මා කල්පනා කලා එසේ ලබන්නා වූ යම් ආශ්වාදයක් හෝ තෘප්තියක් වේ නම් එය සයිබර් අවකාශයේ සැරිසරන්නා වූ සියළු දෙනා සමග බෙදා හදා ගන්නට. ඉතින් වෙලාව කලාව ලැබෙන හැටියට මාගේ සංචාර පිළිබඳ විස්තර, සංචාරක ඉසව්, සංචාර සඳහා අවශ්‍ය වන ආම්පන්න ආදිය පිළබඳව ද ලියන්න බලාපොරොත්තු වෙනවා. මොකද සමහර අවස්ථා වල මා විසින් සංචාරය සඳහා තෝරා ගන්නා තැන් පිළිබඳවම අන්තර්ජාලයෙන් පවා කරුණු සොයාගන්න අපහසු අවස්ථා එනවා. ඒ වගේ අවස්ථා වල එම තොරතුරු සොයන අයට මේ අඩවිය මගින් බිඳකින් හෝ සහායක් වෙන්න තමයි බලාපොරොත්තුව. 

එහෙනම් ඉක්මනින් තොරතුරු පලකරන්න බලාපොරොත්තු වෙනවා. 

හමුවෙමු.

- ඇවිද්ද පය දහස් වටී